පළමු මාස හය තුළ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා මෙහෙයුම් ලාභයේ වර්ධනයක්
August 18, 2025 03:53 pm
ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභයේ 78%ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ මෙම වර්ධනය පෙන්නුම් කර ඇති බවය.
ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය ලෙස රුපියල් මිලියන 9,049ක් සටහන් වී ඇති අතර 2025 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් 16,133ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම පසුගිය 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ගුවන්ගමන් වාර 16%ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයිද එම අමාත්‍යාංශය පවසයි.
ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල 17%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර දේශීය ගුවන්ගමන් වාරවලද 10%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
අමාත්‍යාංශය පැවසුවේ ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල වැඩිම අගය පසුගිය මාර්තු මාසයේදී පෙන්නුම් කර ඇති අතර එය 2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 22%ක වර්ධනයක් වන බවය.
තවද දේශීය ගුවන්ගමන් වාරවල වර්ධනයේ වැඩිම අගය ජුනි මාසයේදී පෙන්නුම් කර ඇති අතර එය 2024 වසරට සාපේක්ෂව 38%ක වර්ධනයකි.