බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
August 16, 2025 09:56 pm
බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් උත්ශ්‍රේණි ගත කරන ලද රෝහල ජනතා අයිතියට පත් කිරීම ඊයේ (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ ජේ.එම්.කපිල ජයසේකර යන මහත්වරුන්ගේ සහභාගී විය.
එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ රජය බලයට පත්ව ගත වූ මාස 08ක පමණ කාලසීමාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බවට බණ්ඩාරවෙල මුලික රෝහල පත්වන බවය.
2025.08.16 බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීම by poornima