රේගු ඉතිහාසයේ මාසයක් තුළ ලැබූ ඉහළම ආදායම රුපියල් බිලියන 235ක් වෙයි

රේගු ඉතිහාසයේ මාසයක් තුළ ලැබූ ඉහළම ආදායම රුපියල් බිලියන 235ක් වෙයි

August 16, 2025   08:53 pm

රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මාසයේදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මහතා පවසයි.

ඊයේ (15) පැවැති ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ පසුගිය මාසයේදී රේගු ආදායම ලෙස රුපියල් බිලියන 235ක ආදායමක් ලැබූ බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මහතා,

"ගිය මාසේ අපිට මාසික රේගු ආදායම වුණේ රුපියල් බිලියන 235ක්. ඒක ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකට ලබපු වැඩිම ආදායම. අපි 2023 වර්ශයේදී රුපියල් බිලියන 100 ඉක්මවපු අපි මහා දැවැන්ත හඬගෑමක් කළා. අපි රුපියල් බිලියන 100ක් ඉක්මවා ගියා කියලා නමුත් අද අපි රුපියල් බිලියන 235 ඉක්මවන තැනට රේගුව ඇවිල්ලා තියෙනවා."