අපරාධ සඳහා යොමු නොවූ තරුණ පිරිස් අපරාධවලට නැඹුරු වීමේ ප්‍රවණතාවයක්

අපරාධ සඳහා යොමු නොවූ තරුණ පිරිස් අපරාධවලට නැඹුරු වීමේ ප්‍රවණතාවයක්

August 8, 2025   04:07 pm

මෙතෙක් අපරාධ සදහා යොමු නොවූ තරුණ පිරිස් එවැනි ක්‍රියා සදහා යොමු වීමේ ප්‍රවණතාවක් වර්තමානයේ නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්යය, අපරාධ විද්‍යා විශේෂඥ D.M.S ධම්මික බණ්ඩාර මහතා පවසයි.

පසුගිය කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණවලදී මේ පිලිබදව අනාරණයවී ඇති අතර මසකට තරුණයින් 40දෙනෙකු පමණ අළුතින්ම අපරාධ සදහා යොමුවන බව ධම්මික බණ්ඩාර මහතා පැවසීය.

එමෙන්ම රට තුළ සිදුවන අපරාධ පිළිබදව ජාත්‍යන්තරය සමඟ සැසදීමේදී එය යම් මට්ටමක ඉහළ යාමක් පෙන්නුම් කරන බවද අපරාධ විද්‍යා විශේෂඥ D.M.S ධම්මික බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

"මෙම මාස කිහිපය ඇතුළතදී අලුතින් අපරාධකරුවන් වීමේ ප්‍රවනතාවයක් 40-50ත් අතර ප්‍රමාණයක් අපට වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙන ප්‍රමාණය අලුතින්ම අපරාධ සඳහා යොමුවුණ තරුණ පරපුර වෙනවා. මේ අයගේ සියලු අධ්‍යනයන් සිදුකරලා බැලුවට පස්සේ මේ අය පළමු පෙළ අපරාධකරුවන් විදිහට බන්ධනාගාරගත වෙනවා. මේක රටකට එතරම් සුබදායක දෙයක් නෙමෙයි. අපේ සමාජයේ සංවර්ධන කාර්යයට නිරපරාදීව සමාජයෙන් නෙරපා හැරීම, බන්ධනාගාරගත කිරීම, පුනරුප්ථාපනය කිරීම කියන ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්නේ ඔහු සමාජයේ එක ක්ෂේත්‍රයක් තුළ නාමකරණය පුද්ගලයෙකු වීමයි. අපරාධ වර්ධනය වෙනවා කියන්නේ ජාත්‍යන්තර වශයෙන් රටකට විශාල අවාසිදායක තත්ත්වයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දැඩි අස්ථාවර තත්ත්වයක සිට ක්‍රමක් ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින තත්ත්වයක් තුළ අපරාධ සිදුවීම දරුණු ඛේදවාචකයක්."