සැදැහැවතුන්...
August 8, 2025 02:55 pm
ශාසන ඉතිහාසයේ සුවිශේෂි සිදුවීම් රැසකට මුල් වූ නිකිණි පුන් පොහොය අදට (08) යෙදී තිබේ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම , ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන්වහන්සේ පසුවස් එළඹෙන දිනය වීම, බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දාගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු මත නිකිණි පසළොස්වක පොහොය වැදගත් වේ.
නිකිණි පුන් පොහොයේ වැදගත්කම සිහිපත් කරමින් දිවයින පුරා බෞද්ධ සැදැහැවතුන් අද වෙහෙර විහාරස්ථානවලට රැස්ව ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වූ අතර, මෙම ඡායාරූපවල දැක්වෙන්නේ කැලණිය රජමහා විහාරය වන්දනා මාන කිරීමට පැමිණි සැදැහවතුන්ය.
ඡායාරූප - ඔසඳ දහම්