අද දෙවන කුඔල් පෙරහැර

අද දෙවන කුඔල් පෙරහැර

July 31, 2025   10:59 am

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඔල් පෙරහැර අද (31) පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

අද රාත්‍රී 07.01ට උතුරදිසාත්මකව පෙරහර පිටත්වීමට නියමිත බව සඳහන් වේ. 

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ (30) රාත්‍රී වීදී සංචාරය කෙරුණු අතර එය දැක බලා ගැනීම සඳහා විශාල ජනතාවක් පැමිණ සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එමෙන්ම පෙරහර නැරඹීමට පැමිණෙන පිරිසට පහසුකම් සැලසීමට ද කටයුතු කර ඇති බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.