සයුරෙන් එතෙර
නැනී රොබෝ සමුළුව චීනයේ දී
July 31, 2025 07:42 pm
දෛනික ජීවිතයටත් රොබෝ විප්ලවය හඳුන්වාදෙන සුවිශේෂී සමුළුවක් චීනයේ බෙයිජිං හිදී ආරම්භ විය.
මෙය නම් කර තිබෙන්නේ නැනී රොබෝ සමුළුව නමිනි.
අනාගත සුහුරු තාක්ෂණය භුක්ති විඳින්නට ජනතාවට ආරාධනා කරමින් මෙය සංවිධානය කර තිබුණේ චීන මාධ්‍ය සමූහයයි.
"දෛනික ජීවිතයේ කටයුතු සමඟ රොබෝ විප්ලවය" යන්න වටා කේන්ද්‍රගත වූ මෙම සමුළුව, පරිගණකගත සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන්, පාරිභෝගිකයන්ගේ විවිධ දෛනික කටයුතුවලදී සහය විය හැකි රොබෝවරයකු ලබා ගැනීමේ පහසුව පිළිබඳ ව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබුණි.
එහිදී සාත්තු සේවයේ සිට නිවසක ජිවත් වන ලොකු කුඩා සියලු සාමාජිකයින් සඳහා එදිනෙදා වැඩ පහසු කරන මෙම රොබෝවරුන් සැමට වඩාත් සාධනීය ප්‍රතිඵල ගෙන දීමට සමත් වීම මෙහි විශේෂත්වය වේ.
සංවිධායකයින් පවසන්නේ රොබෝ තාක්ෂණයේ වැඩි ප්‍රතිඵල ජනතාවගේ ජීවිත වෙත ලබා දීමට මෙමඟින් අපේක්ෂා කරන බවය.