2021 සිට මියන්මාරයේ ප්‍රකාශයට පත් කර තිබුණු හදිසි තත්ත්වය ඉවතට
July 31, 2025 06:32 pm
මියන්මාර හමුදාව විසින් 2021 පෙබරවාරි මාසයේ සිට ප්‍රකාශයට පත් කර තිබුණු හදිසි තත්ත්වය අද (31) අවසන් කර තිබේ.
ජාත්‍යන්තර නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට සූදානම් වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවය.
2021 පෙබරවාරි මාසයේදී හමුදාව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ සිවිල් රජය වන අවුන් සාන් සුකී බලයෙන් පහ කිරීමත් සමඟ වන අතර එය දහස් ගණනක් ජීවිත බිලිගත් සිවිල් යුද්ධයක් ඇති කළේය.
ඒ අනුව හමුදා ප්‍රධානී මින් අවුන් හ්ලයිංට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කෙරෙහි උත්තරීතර බලය ලැබිණි.
කෙසේ වෙතත් මැතිවරණයක් පැවැත්වීම සඳහා මින් අවුන් හ්ලයිං විසින් නායකත්වය දෙන සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පිහිටුවීමට ද හමුදා ජුන්ටාව නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.