සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීමට කමිටුවක්
August 1, 2025 04:36 pm
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමය යන සංගම්වල නියෝජිතයින් සමග සාකච්ඡාවක් අද (01) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පවත්වනු ලැබීය.
මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ වෘත්තිය ගැටළු අතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර පිරවීම, යතුරු පැදි ලබා ගැනීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව කඩිනම් කිරීම, පුහුණුව සඳහා අලුතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම, සේවාස්ථ පුහුණු පාඨමාලාවන් ආරම්භ කිරීම, රාජකාරි වේලාවන් සංශෝධනය කිරීම, ඩිජිටල් සෞඛ්‍ය පද්ධතියක් සකස් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව සාකච්ඡාවට ලක් කෙරිණි.
එහිදී එම කාලීන ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා අමාත්‍යංශ නිලධාරීන් සමග එම අවස්ථාවේදීම සාකච්ඡා කර එම ගැටළු කිහිපයක් සඳහා විසඳුම් ලබා දීමටද පියවර ගත් අතර අනෙකුත් ගැටළු සඳහා ඉදිරියේදී මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ලෙස විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.
මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීම පිළිබඳව ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කළ අතර එම වේලාව සංශෝධනය කිරීම පිළිබඳව පවතින තාක්ෂණික සහ ප්‍රායෝගික මෙන්ම අනෙකුත් කරුණු පිළිබඳව ඉදිරි තීරණ ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කරනු ලැබීය.
ඒ අනුව ඉතා කෙටි කලකින් එම කමිටුව මගින් ලබා දෙන තීරණ හා තීන්දු මත ඉදිරි කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම ආහාරවල සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා මේ වන විට පවතින විවිධ තාක්ෂණීක මෙන්ම ප්‍රායෝගික ගැටළු සම්බන්ධළුද අවධානය යොමු කළ අතර මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ සහ ආයතන එක්ව විශේෂ අධීක්ෂන ක්‍රමවේදයක් කඩිනමින් සකස් කර මේ සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් ඔවුන්ට බලපාන ගැටළු පිළිබඳවද අමාත්‍යවරයාව මෙහිදී දැනුවත් කළ අතර එම ගැටළු විසඳීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හසංක විජේමුණි මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමටද මෙහිදී පියවර ගනු ලැබීය.