ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්
August 1, 2025 04:42 pm
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්‍ර්ක් (Andrew Patrick) මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර හමුවක් අද (01) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණි.
දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් පැවැති එම හමුවේදී විශේෂයෙන් මෙරට විදුලිබල ක්ෂේත්‍රයට අදාළ තොරුතුරු, සැළසුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කෙරිණි.
සුළං විදුලිබලය ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රවනතා පිළිබඳව මෙහිදී සැළකිල්ලට ලක්වුණු අතර අවශ්‍යතාවය අනුව අන්තර්ජාතික සහයෝගීතා ආයතන හරහා මෙරටට අවශ්‍යය සහයෝගය ලබාදීම සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මෙහිදී එකඟ වී ඇත.
එමෙන්ම මෙරට පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයේ විශාල දායකත්වයක් ලබා දෙන ජල විදුලිබලාගාර පද්ධතිය පිළිබඳවද සාකච්ජා වුනු අතර එහිදී මෙරට විශාලතම ජල විදුලි බලාගාරය වන වික්ටෝරියා ජල විදුලිබලාගාරය බ්‍රිතාන්‍ය රජයේ ප්‍රදානයක් බව කෘතවේදීව සිහිපත් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වික්ටෝරියා බලාගාරයේ මුල් සැලැස්මට අනුකූලව එහි ධාරිතාවය තව දුරටත් ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහායෝගය අපේක්ෂා කරන බවද දැනුම් දුන්නේය.
තම රජයට මෙම කරුනු ඉදිරිපත් කරන බවද ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකි සියළු ආකාරයේ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද මහ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කර සිටියේය.