කාන්තා මළසිරුරක් සොයාගනී
June 28, 2025 06:48 am
සැකසහිත ලෙස මියගිය 30 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ පිළියන්දල පොලිස් වසමේ පැලැන්වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කාන්තාවක් ඊයේ (27) එලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇති බවය.
පිළියන්දල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලට අනුව මළසිරුර සොයාගෙන තිබේ.
මියගොස් ඇති කාන්තාව රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.