සයුරෙන් එතෙර
ඉන්දියාව සහ රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති ගැන සාකච්ඡාවක
June 28, 2025 07:10 am
මිසයිල ආරක්ෂණ පද්ධති සම්බන්ධයෙන් රුසියාව සහ ඉන්දියාව සාකච්ඡාවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, S-400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම මෙන්ම Su-30 ජෙට් යානා වැඩිදියුණු කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.
චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රැස්වීමට සමගාමීව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍නාත් සිං අතර පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුකර ඇත.
මේ වනවිට ඉන්දියාවට රුසියාවෙන් S-400 වර්ගයේ මිසයිල ආරක්ෂණ පද්ධති 03ක් ලබාදී ඇති අතර ඒවා පාකිස්තානය සහ චීනය සමඟ ඇති දේශසීමා ආසන්නයේ ස්ථාපිත කර තිබේ.
ඉතිරි ආරක්ෂණ පද්ධති දෙක 2027 වසරේදී ලැබීමට නියමිතය.
එමෙන්ම ඉන්දියාව 1996 වසරේ සිට රුසියාවේ නිෂ්පාදිත Su-30 ජෙට් යානා භාවිත කරයි.