විදුලිසැර වැදී දරුවෙකු මරුට
June 28, 2025 08:21 am
නිවසේදී විදුලිසැර වැදීමෙන් 8 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඊයේ (27) සවස මැදවච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ බවය.
දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගෙන වතුර රත්කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී අති බවට විමර්ශනයේදී අනාවරණ වී ඇත.
මැදවච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.