හෙල්මටයකින් පහරදී පුද්ගලයෙක්ව ඝාතනය කරයි
June 25, 2025 10:30 am
බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේදී ආරක්ෂිත හිස්වැසුමකින් පහර දී පුද්ගලයෙක්ව ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බවය.
ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර යළි හොරණ රෝහලට මාරුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 30 හැවිරිදි බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
පහරදීම සිදුකිරීම සම්බන්ධයෙන් 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බුලත්සිංහල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.