තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

June 25, 2025   03:15 pm

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

ඒ අනුව අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (25) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.