සයුරෙන් එතෙර
ඉන්දීය ආරක්ෂක ඇමති චීනයට
June 25, 2025 04:13 pm
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං චීනයේ Qingdao බලා පිටත්ව යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ, එරටදී පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහාය.
ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා ඉන්දියාවේ දැක්ම ඉදිරිපත් කිරීමට තමා එහිදී බලාපොරොත්තුවෙන බව රාජ්නාත් සිං පවසයි.
ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ඒකාබද්ධ හා අඛණ්ඩ ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් ඔහු අවධාරණය කර තිබේ.