බ්‍රසීලියානු තරුණියක් ගිනි කන්දකින් වැටී මරුට
June 25, 2025 04:44 pm
ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ පිහිටි රින්ජානි නම් ගිනි කන්ද තරණය කරමින් සිටි බ්‍රසීලියානු සංචාරක කාන්තාවක් ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
කඳු නගින්නන් අතර ජනප්‍රිය ගිනි කඳු මිටියාවතක පිහිටි මෙම රින්ජානි කන්ද, එරට දෙවන උසින් වැඩි ගිනි කන්ද ලෙසින් සැලකේ.
ඇය එම ගිනි කන්දේ ආවාටය අසල කඳු නැගීමේ නිතරව සිටියදී, අවසනාවන්ත ලෙස ඉන් ඇඳ වැටී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ජූලියානා මැරින්ස් නම් 26 හැවිරිදි කාන්තාවක්ය.
ඇය මෙම අවසනාවන්ත ඇඳවැටීමට මුහුණ පා ඇත්තේ ඉකුත් සෙනසුරාදා (21) වන අතර, එම අවස්ථාවේදී ඇය උදව් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගලවා ගැනීමේ නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී ඇතත්, ඔවුන්ට ඇය වෙතට ළඟාවීමට හැකිවී ඇත්තේ ඊයේ (24) දිනයේදීය.
ඔවුන් මැරින්ස් වැටී සිටි ඉසව්ව වෙතට යාමට පෙර ඩ්‍රෝන යානයකින් ඇයව නිරීක්ෂණය කර තිබේ.
කෙසේ වෙතත් අධික බෑවුම සහ මීදුම සහිත කාලගුණය හේතුවෙන් ගලවාගැනීමේ නිලධාරීන්ට ඇය වෙත ළඟවීම දැඩි ලෙස දුෂ්කර වී ඇත.
ඒ අනුව ඔවුන් මැරින්ස් වෙත ළඟා වනවිට ඇය මියගොස් සිට තිබේ.