බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අදත් වහළය උඩට
June 20, 2025 11:24 am
බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් එම බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අදත් (20) එහි වහළය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
මීට පෙර ඉකුත් 18වනදා මෙම සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් එහි රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාර වහළය මත නැගී විරෝධතාවයක් ආරම්භ කළ අතර, ඔවුන් මේ වනවිට එම විරෝධතාව අවසන්කර ඇති බව සඳහන්.
