ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්
May 29, 2025 08:06 pm
26වැනි ආසියානු මලල ක්‍රීඩා උළලේ කාන්තා මීටර් 400x4 සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගන්නට ශ්‍රී ලංකාව අද (29) සමත් වුණි.
ඒ අනුව ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළලේදී දිනාගත් තුන්වන ලෝකඩ පදක්කම මෙය වෙයි.
මෙවර තරගාවලියේ කාන්තා 400x4 අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා සහ නිෂේන්ද්‍රා ප්‍රනාන්දු සහභාගී වුණි.
එහිදී තරගය ආරම්භයේදී ක්‍රීඩිකාවන් සියලු දෙනා තියුණු ධාවනයක නිරත වුණි.
පළමු යෂ්ටිය හුවමාරුවේදී ශ්‍රී ලංකාව සිව්වැනි තැන පසුවුණත් දෙවන සහ තුන්වන යෂ්ටි හුවමාරුව අවසන් වන විට ශ්‍රී ලංකාව තෙවන ස්ථානය රැකගෙන තිබුණි.
කෙසේ වෙතත් අවසන් වටයේදී ශ්‍රී ලංකාවේ නිෂේන්ද්‍රා ප්‍රනාන්දු වරෙක පෙරමුණේ පසුවුණි.
නමුත් අවසන් මීටර 200යේදී ශ්‍රී ලංකාවෙන් රන් පදක්කම ගිලිහි ගියත් ඔවුන් තෙවන තැන හිමි කරගනිමින් තරගය අවසන් කිරීමට සමත් වූවාය.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමිවූ අතර තරග නිමි කාලය දැක්වුණේ විනාඩි 3යි තත්පර 36යි දශම 6යි 7ක් ලෙසය.
එම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව දිනාගත් අතර රිදි පදක්කම වියට්නායම දිනාගත්තේය.
