සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ හැදැරීමට සිසුන්ගෙන් අයදුම්පත් කැඳවයි

සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ හැදැරීමට සිසුන්ගෙන් අයදුම්පත් කැඳවයි

May 19, 2025   06:17 pm

උසස් පෙළ වෘත්තිය විශය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව වෘත්තිය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙල විභාගයේ සමත් අසමත් භාවය සලකා නොබලනු බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අමාත්‍යංශය පැවසුවේ https://moe.gov.lk/2025/05/37984/ යන සබැඳියට පිවිසීමෙන් ඒ සඳහා අයදුම්පත් ලබා ගත හැකි බවය.