වැඩ වර්ජනයෙන් අදත් රාත්‍රි තැපැල් දුම්රියන් අවලංගු වෙයි

වැඩ වර්ජනයෙන් අදත් රාත්‍රි තැපැල් දුම්රියන් අවලංගු වෙයි

May 17, 2025   03:26 pm

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (17) රාත්‍රියේ ධාවනයට සැලසුම් කර තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කර තිබේ.

ඒ අනුව තැපැල් දුම්රිය ගමන්වාර 08ක් මෙලෙස අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොළඹ - බදුල්ල, මඩකලපුව - කොළඹ, ත්‍රිකුණාමලය - කොළඹ සහ යාපනය කොළඹ යන දුම්රිය මෙලෙස අවලංගු වනු ඇත.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කළ අතර එය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවිය.

අද මධ්‍යම රාත්‍රියෙන් මෙම වර්ජනය අවසන් කළද තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.