යුක්‍රේන බස් රථයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් 9 දෙනෙකු මරුට
May 17, 2025 02:58 pm
ඊසාන දිග යුක්‍රේනයේ බස් රථයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් හත් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියාවේ දේශසීමාවට ආසන්නව කලාපීය අගනුවරට මෙම බස් රථය ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
රුසියාව සහ යුක්‍රේනය අතර වසර 3කට පසු ඔවුන්ගේ පළමු සෘජු සාම සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධව රුසියාව විසින් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිවිල් වැසියන් හිතාමතා ඝාතනය කිරීමට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවය.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කලාපයේ අගනුවර වන සුමි නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔවුන් තිදෙනෙකුගේ තත්ත්වයට බරපතළ බවත් යුක්‍රේන මාධ්‍ය වාර්තා කර තිබේ.