තවත් අපේක්ෂකයින් 5ක් අත්අඩංගුවට
May 3, 2025 10:09 am
පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්වී සිටින තවත් අපේක්ෂකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඊයේ (02) පෙරවරු 6 සිට අද (03) පෙරවරු 6 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් ඇතුළු පැමිණිලි සම්බන්ධයෙනි.
ගෙවුණු පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 08ක් සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම සම්බන්ධ පැමිණිලි 27ක් ලැබී ඇත.
එම පැමිණිලිවලට අදාළව අපේක්ෂකයින් 05 දෙනෙකු සහ දේශපාලන පක්ෂ ආධාරකරුවන් 22ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා පොලීසිය විසින් අපේක්ෂකයින් 43 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 233ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.
පොලීසිය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 524ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.