ඉන්දු පාකිස්ථාන මත ගැටුම් මැද ඉන්දියාවෙන් යුද අභ්‍යාසයක්

ඉන්දු පාකිස්ථාන මත ගැටුම් මැද ඉන්දියාවෙන් යුද අභ්‍යාසයක්

May 3, 2025   06:09 pm

ඉන්දු පාකිස්ථානු මත ගැටුම් මැද ඉන්දියාව විසින් පුහුණු ගුවන් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම යුද අභ්‍යාසයට පවත්වා ඇත්තේ එරට උතුරුදිග උත්තර් ප්‍රාන්තයේදීය.

මෙම යුද අභ්‍යාසය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මතුව ඇති යුදමය වාතාවරණය උද්ගතව ඇති පසුබිමක වීම විශේෂත්වයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුද අභ්‍යාස ගුවන් පුහුණුව සිදුව ඇත්තේ උත්තර් ප්‍රදේශයේ ගංගා අධිවේගී පථයේ වන අතර එහි දිග කිලෝමීටර 3.5කි.

එය රාත්‍රියේ ගුවන් ගොඩ බැස්වීම සඳහා ඉන්දියාවේ ඇති එකම අධිවේගී පථය බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

මෙම යුද අභ්‍යාසය සඳහා ඉන්දියාවට අයත් ගුවන් ගුවන් යානා රැසක්ද එක් කර තිබූ බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් තිබුණි.

මේ අතර දෙරට අතර පවතින මත ගැටුම් තවදුරටත් වර්ධනය වෙමින් තිබෙන පසුබිකම පාකිස්ථානය විසින් අද (03) පස්වරුවේ බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිලෝමීටර් 450ක පරාසයක් සහිත මතුපිට බැලැස්ටික් මිසයිලයක් මෙලෙස අත්හදා ඇති බවය.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සමග දිනෙන් දින වර්ධනය වන මත ගැටුම් හමුවේ මෙම මිසයිලය පාකිස්ථානය විසින් අත්හදා බැලීම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වන මත ගැටුම් තවදුරටත් උග්‍ර විය හැකි බවය.

මේ අතර පාකිස්ථානය විසින් දෙරට අතර ජාත්‍යන්තර දේශසීමාව වෙන් කරන පාලන රේඛාව ඔස්සේ නිතිපතා සටන් විරාම උල්ලංඝනයන් සිදුකරමින් ඉන්දියාව කුපිත කිරීමට උත්සාහ දරන බවටද චෝදනාවක් මතුව තිබේ.