පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි

May 4, 2025   06:38 am

පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග ගොස් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබේ.

ඊයේ (03)  එම සිදුවීම වාර්තා වී තිබුණේ තංගල්ල පොලිස් වසමේ පොළොන්මාරුව උතුර ප්‍රදේශයෙනි.

එලෙස මියගොස් ඇත්තේ, පොළොන්මාරුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.