ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

May 4, 2025   01:39 pm

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් සහ මහනුවර, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බව පැවසූ එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවය.