ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු රග්බි තරගය අද

ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු රග්බි තරගය අද

May 4, 2025   01:09 pm

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සහ නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම අතර පළමු රග්බි තරගය අද (04) පැවැත්වෙයි. 

එම තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී පස්වරු 4ට ආරම්භ වීමට නියමිතය.

නයිජල් රත්වත්තේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව කණ්ඩායම පසුගිය 19 වනදා කොළඹදී පැවති 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ප්ලේ-ඕෆ් තරගයේදී මැලේසියාව ලකුණු 59-19 කින් පරාජය කළේය.

ජැරඩ් පර්සිවල්ගේ නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.

1955 දී පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අවස්ථාව මෙය වෙයි.