පුංචි ආණ්ඩුවල හිටපු නියෝජිතයින් පිරිසක් ගත් කෝටි ගණනක වන්දි ගැන නලින්දගේ අනාවරණය

පුංචි ආණ්ඩුවල හිටපු නියෝජිතයින් පිරිසක් ගත් කෝටි ගණනක වන්දි ගැන නලින්දගේ අනාවරණය

May 3, 2025   06:15 pm

2022 අරගල සමයේ ගිනිතැබීම්වලින් තම නිවාසවලට වූ දේපොළ හානි සඳහා හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රිවරු 92දෙනෙක් ද රුපියල් කෝටි 62ක් ලබාගෙන ඇතැයි අද (03) අනාවරණය කෙරුණි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම හෙළිදරව්ව කළේ අද පස්වරුවේ හොරණ, ගෝනපොළ ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

2022 අරගල සමයේ මැයි 9 වැනිදා සිදුවූ ගිනි තැබීම්වලින් නිවාසවලට වු දේපොළ හානි වෙනුවෙන් වන්දි ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම වාර්තාවට අනුව මැති ඇමතිවරු 43 දෙනෙකු සඳහා වන්දි මුදල් ලෙස රුපියල් කෝටි 122ක් ලබා දී තිබුණි.