05වන ශ්‍රී ලංකා - පාකිස්ථාන ආරක්ෂක සංවාදය සාර්ථකව අවසන් කරයි

05වන ශ්‍රී ලංකා - පාකිස්ථාන ආරක්ෂක සංවාදය සාර්ථකව අවසන් කරයි

May 3, 2025   06:51 pm

ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන සාමුහික කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් 05 වන ශ්‍රී ලංකා - පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්ෂක සංවාදය පසුගියදා පාකිස්ථාන ඉස්ලාමාබාද් නුවරදී සාර්ථකව අවසන් කර තිබේ.

දෙරටේ ආරක්ෂක ක්ෂේත්‍රෙය් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 28 වැනිදා මෙම ආරක්ෂක සංවාදය ආරම්භ විය.