සයුරෙන් එතෙර
ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ඇරඹෙයි
May 3, 2025 09:26 am
ඔස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ ඡන්ද විමසීම සඳහා මිලියන 18ක පිරිසක් ඡන්දය භාවිත කිරීමට නියමිත බවය.
වාමාංශික ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ කොන්සර්වේටිව් ලිබරල් - ජාතික සන්ධානයේ පීටර් ඩටන් මැතිවරණය සඳහා තරගවදී.
විදෙස් වාර්තා සඳහන් කළේ ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්වී ඇති බවය.
මැතිවරණය ජයග්‍රහණය කර බහුතර රජයක් පිහිටුවීම සඳහා එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 76ක් ලබාගත යුතුය.
එසේ නොමැතිනම් සුළු පක්ෂ හෝ ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් සහාය දිනාගැනීමට උත්සාහ කළ යුතු බව විදෙස් වාර්තා සඳහන් කරයි.