සයුරෙන් එතෙර
අමෙරිකාව චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය සියයට 245ක් කරයි
April 16, 2025 07:08 pm
අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා තිබේ.
ධවල මන්දිරය නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව පැනවූ තීරුබදු සඳහා චීනය දක්වන දැඩි විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට පෙර චීනය සම්බන්ධයෙන් අමෙරිකාව අනුගමනය කළ බදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දමා තිබුණි.
