කෝපා කමිටුවේදී RMV නිලධාරීන්ගේ වංචනික ක්‍රියාවක් හෙළි වෙයි

කෝපා කමිටුවේදී RMV නිලධාරීන්ගේ වංචනික ක්‍රියාවක් හෙළි වෙයි

March 24, 2025   01:52 pm

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් අත්ට්‍රැක්ටර් ගෙන්වන මුවාවෙන් සුඛෝපබෝගි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පසුගිය කෝපා කමිටුවේදී අනාවරණ විය.

22 වනදා පැවති එම  කෝපා කමිටුවේදී වැඩිදුරටත් හෙළි වූයේ ආගමික ස්ථාන සඳහා බව පවසමින් ආනයනය කළ වාහන 158ක බලපත්‍ර කොන්දේසි, එම නිලධාරීන් විසින්ම උල්ලංඝනය කර ඇති බවය.

එහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, අදාළ නිලධාරියාට විරුද්ධව විමර්ශනයක් සිදුකර ඇති බවත් ඔහුගේ සේවය අත්හිටුවා තිබූ නමුත් නිශ්චිත සාක්ෂි නොමැතිවීම හේතුවෙන් සේවකයා නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කළ බවය.

"පුද්ගලයාව නිදොස් කොට නිදහස් කළා. ඒ කරුණු තහවුරු කරගන්න සාක්ෂි සහ තොරතුරු නෑ කියන එක මත. මම මේකට සම්බන්ධ සියලූම පාර්ශව හඳුනා ගත්තා. මට අතීතයේ තිබුණ කාලය ඇතුළේ, විමර්ශනය සිදුවුණා ද කියලා පැහැදිලි කරන්න අමාරුයි. 

මේ පද්ධතිය ගැටලුකාරී කියන එක මම රාජකාරි භාරගත්තේ, 2022 අගෝස්තු 3 එදා ඉදලා මම වාර්තා කළා. අඩුම වශයෙන් කියනවා නම් මේක ගොඩනඟපු කම්පැනි එක අද වෙද්දි කිසිදු දෙයක් භාරගන්නෙත් නෑ. සර්විස් ඇග්‍රිමන්ට් එකකට එන්නේ නෑ."

සම්පූර්ණ කතාව ඉහත වීඩියෝවෙන්...