දෙවිනුවර ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අල්ලයි
March 22, 2025 05:47 pm
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපියට තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ඩුබායි හී සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් 'බාලේ මල්ලි' නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවය.
මෙලෙස ඝාතනය කර ඇත්තේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගි වී පැමිණෙමින් සිටි 29 හැවිරිදි පසිඳු තාරක හා යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්ය.