එක්දින සටනේ ජයත් තර්ස්ටන් විද්‍යාලයට

එක්දින සටනේ ජයත් තර්ස්ටන් විද්‍යාලයට

March 9, 2025   05:03 pm

කොළඹ තර්ස්ටන් හා ඉසිපතන විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන 'සහෝදරයන්ගේ සටන' එක්දින තරගයෙන් ලකුණු 176ක දැවැන්ත ජයක් ලැබීමට තර්ස්ටන් විද්‍යාලය සමත්විය.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලය පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 308ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉතිපතන විද්‍යාලයට පන්දුවාර 33.2කදී සියලු දෙනා දැවී රැස්කල හැකිවූයේ ලකුණු 132ක් පමණි.

දෙවිදුහල් අතර 45වන වරට පැවති එක්දින තරගය මෙය වේ.

මෙම තරගයට පෙර ඔවුනොවුන් අතර 62වන වරට පැවති තුන්දින තරගයෙන්ද කඩුලු 10ක පහසු ජයක් ලැබීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.