ඝාතනයකින් කෙළවර වූ බහින්බස්වීම

ඝාතනයකින් කෙළවර වූ බහින්බස්වීම

March 9, 2025   09:17 am

වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (08) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, ඇත්නාවල, වරකාපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 61ක් හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු තම සහෝදරයාගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිට ඇත.

එහිදී අසල්වැසි පුද්ගලයෙකු සමඟ සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් සිදුකළ පහරදීම හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. 

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට  වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.