චීනය අමෙරිකාවට අභියෝග කරයි
සයුරෙන් එතෙර

චීනය අමෙරිකාවට අභියෝග කරයි

March 6, 2025   05:21 pm

අමෙරිකාව සමග ඕනෑම ආකාරයේ යුද්ධයකට සූදානම් බව චීනය පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඉලක්ක කර ගනිමින් වෙළෙඳ භාණ්ඩ සඳහා වන බදු ඉහළ නැංවීම පිළිබඳ අප්‍රසාදය පළ කරමින් වොෂිංටන්හි චීන තනාපති කාර්යාලය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අමෙරිකාවට අවශ්‍ය වන්නේ යුද්ධයක් නම් එය වෙළෙඳ හෝ වෙනත් කුමන ආකාරයකින් වුවද එහි අවසානය සනිටුහන් කිරීමට චීනය සූදානම් බව චීන තනාපති කාර්යාලය සිය X ගිණුමේ සටහනක් තබමින් ද සඳහන් කර තිබේ.

මේ අතර මේ වසරේදී චීන රජයේ ආරක්ෂක වියදම් සියයට 7.2කින් ඉහළ නංවන බවට චීන අග්‍රාමාත්‍ය ලීක් කියෑන්ග් පසුගියදා ප්‍රකාශ කළේය.