පාකිස්තාන T20 කණ්ඩායමට නව නායකයෙක්
March 4, 2025 06:56 pm
පාකිස්තාන 20/20 ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙකු පත් කර තිබේ.
සල්මන් අලි අගා මෙලෙස 20/20 කණ්ඩායමේ නායකත්වයට නම්කර ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
ඒ අනුව නවසීලන්තය සමඟ එළඹෙන 16වනදා ආරම්භ වීමට නියමිත 20/20 තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය සල්මන් අලි අගා විසින් දරණු ඇති.
තරගාවලිය 20යි 20 තරග පහකින් සමන්විතය.