ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණයට දින නියම කෙරේ

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණයට දින නියම කෙරේ

March 4, 2025   05:59 pm

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2024) ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ එම ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන මාර්තු මස 08 වැනි දින සිට මාර්තු මස 10 වැනි දින දක්වා දිවයින පුරා ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන 75කදි පැවැත්වීමට නියමිත බවය.

ඒ අනුව එළැඹෙන 07 වැනි දින මධ්‍යම රාත්‍රි 12 සිට එළැඹෙන 10 වැනි දින දක්වා සම්පූර්ණ ප්‍රායෝගික පරීක්ෂණ අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, සංවිධානය කිරීම හා පන්ති මෙහෙයවීම සම්පූර්ණයෙන් තහනම් වන බවද එම නිවේදනයේ සඳහන් ව තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්.