19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට

19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට

February 2, 2025   02:32 pm

දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9කින් පරාජය කර වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඉන්දියාව විස්සයි20 යොවුන් ලෝක ශූරියන් ලෙස කිරුළු පැළඳි දෙවන අවස්ථාව මෙය වෙයි.

මෙම තරගාවලිය පළමුවරට දකුණු අප්‍රිකාවේදී ආරම්භ වූ 2023 වසරේදීද ඉන්දියාව ශූරතාව දිනාගත්තේය.

ශ්‍රී ලංකාවද ඇතුළුව කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය මැලේසියාවේ දී පැවැත්විණි.

ඉන් අවසන් මහා තරගය ක්වාලාලාම්පූර්හිදී අද (2) පැවැත්විණි.

මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 82ක් පමණි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරගයේ 12(11.2) වැනි පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ලකුණු 84ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.