අපචාර රැසක් සිදුවන බොරැල්ලේ රජයේ ගොඩනැගිල්ල
November 17, 2024 12:53 pm
බොරැල්ල, රුහුණු කලා මාවතේ පිහිටි අත්හැර දැමූ රජයේ ගොඩනැගිල්ලක් අදවන විට විවිධ අපචාර සිදුවන තෝතැන්නක් බවට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් මැසිවිලි නගයි.
අද දෙරණ මේ අනාවරණය ඒ පිළිබඳවය.
එය බොරැල්ල තරුණ සේවා සභාව ඉදිරිපිට පිහිටා තිබෙන රජයේ ගොඩනැගිල්ලකි.
කලකට පෙර ග්‍රාම නිලධාරි කාර්යාලයක් ලෙස භාවිත කළ මෙම ගොඩනැගිල්ල මීට වසර කිහිපයකට පෙර භාවිතයෙන් ඉවත්කර තිබේ.
එලෙස අත්හැර දැමීමත් සමඟ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත්තේ මෙම ගොඩනැගිල්ලය.
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් නිරන්තරයෙන් ගැවසෙන මෙම ස්ථානය අසලින් රාත්‍රි කාලයේ යෑම ඒම පවා අවදානම් සහගත බව ප්‍රදේශවාසීන් පවසයි.
අප මෙම ගොඩනැගිල්ලට ළඟාවන විටත් එහි අධික දුර්ගන්ධයක් පැවති අතර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අනුමාන කළහැකි කාන්තාවක්ද එහි වැතිර සිටියේය.
බොරැල්ල වැනි තදාසන්න ප්‍රදේශයක පවතින ගොඩනැගිල්ලක් මෙලෙස ජනතාවට පීඩාවක් ගෙන දෙන ස්ථානයක් බවට පත්වීමට ඉඩනොදී, එය ඵලදායී කටයුත්තක් සඳහා යොදාගැනීම බලධාරීන්ගේ වගකීමක් නොවේද?