නීතිවිරෝධීව එකලස් කළ බවට සැක තවත් ඩිෆෙන්ඩර් රථයක් නුවරින් සොයා ගනියි 

නීතිවිරෝධීව එකලස් කළ බවට සැක තවත් ඩිෆෙන්ඩර් රථයක් නුවරින් සොයා ගනියි 

November 17, 2024   01:24 pm

නීතිවිරෝධී ලෙස එකලස් කළ බවට සැකකෙරෙන සුඛෝපබෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර අම්පිටිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ.

මහනුවර මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් නිවසක තිබියදී අදාළ ඩිෆෙන්ඩර් රථය පොලිස් භාරයට ගෙන ඇති බව සදහන් වේ.

පොලීසිය පැවසුවේ එම රථය නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් එකලස් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු මේ වන විට සිදුකෙරන බවයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී නීති විරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී රථ කිහිපයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පොලිස් භාරයට ගෙන තිබුණි.