මාසක් ඇතුළත පිලිපීනයට සුළි කුණාට 6ක්
සයුරෙන් එතෙර

මාසක් ඇතුළත පිලිපීනයට සුළි කුණාට 6ක්

November 17, 2024   11:37 am

පිලිපීනයට තවත් සුළි කුණාටුවක බලපෑම් එල්ල වෙමින් පවතී.

එලෙස ගොඩබිමට ඇතුළුවීමට නියමිත මැන්ග් යී සුළිකුණාටුව වාර්තා අතරට එක්වන්නේ මාසයක් තුළ එරටට බලපෑ 06 වැනි සුළිකුණාටුව ලෙසය.

පිලිපීනයට ආසන්න කාලයේදී සුළි කුණාටු කිහිපයක බලපෑම් එල්ල විය.

මාසයක් තුළ පිලිපීනයට බලපෑ හය වැනි සුළි කුණාටුව මැන්ග් යී සුළි කුණාටුව වන අතර ජනතාව එය හඳුන්වන්නේ පෙපිටෝ ලෙසයි.

එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 195ක් වන අතර, ඉන් බරපතළ හානි සිදුවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත.

එමෙන්ම ඉන් විශාල කලාපයකට බලපෑම් එල්ල විය හැකි බවටත් වාර්තා වේ.

ගෙවුණු මාසය තුළ බලපෑ සුළි කුණාටු හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයින් 150 දෙනෙක් මියගොස් තිබේ.

මෙවර සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ඇතැම් කලාපවලට මිලිමීටර් 300 ඉක්මවූ වැසි පතිත වීමේ අවදානමක් ද පවතින බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මීටර් 15ක් තරම් උස උදම් රළ ඇතිවීමේ අවස්ථාවක් ද පවතින බව බලධාරීන්ට අනාවැකි පළකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩදුරටත් පවසා ඇත.