මර්වින් ජානා නොහොත් බේකරි ජානා අත්අඩංගුවට

මර්වින් ජානා නොහොත් බේකරි ජානා අත්අඩංගුවට

October 28, 2024   08:39 am

ආරක්ෂක අංශ නොමඟ යවමින් මෙරට සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන 'මර්වින් ජානා නොහොත් බේකරි ජානා' නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට පත්ව තිබේ.

විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුමක් අතරතුර අයිස් මත්ද්‍රව්‍ය සමග අදාළ සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

පසුගිය 26 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ අංක 24/1/1, පළමු පටුමග, දේවාලමුල්ල පාර, දෙහිවල පාර, බොරලැස්ගමුව ලිපිනයේ දී අදාළ වැටලීම සිදුකර තිබුණි.

එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 60ක් සන්තකයේ තබාගෙන ජාවාරම් සිදුකිරීම සඳහා මෝටර් රථයකින් යමින් සිටිය දී 45 හැවිරිදි අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංචි සැකකරුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුව බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.