පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිලගේ දෙවැනි හෙළිදරව්ව

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිලගේ දෙවැනි හෙළිදරව්ව

October 28, 2024   10:05 am

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (28) පසුගිය සතියේ පැවසූ පරිදි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව නිකුත් කිරීමට කටයුතු කළේය.

එම කමිටුව පත්කළේ 2023 සැප්තැම්බර් 05 වනදා එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ Dispatches - Sri Lanka Easter Bombings නම් වැඩසටහනේ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ය.

ඉමාම් මහතාට අමතරව හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ හර්ෂ සෝසා මහතා එහි සාමාජිකයින් විය.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවේ ‍සජීවි විකාශය ඉහතින් දැක්වේ.