සහල් සහ වී තොග සම්බන්ධ වාර්තාව ජනපති අතට

සහල් සහ වී තොග සම්බන්ධ වාර්තාව ජනපති අතට

October 28, 2024   10:03 am

රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව අද (28) දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගිය ඊයේ (27) සහ පෙරේදා (26) යන දෙදින තුළ අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි සහල් මෝල්වල සහල් හා වී තොග ප්‍රමාණයන් පිළිබඳ දත්ත ලබාගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබීය.

වෙ‍ළෙඳපොළ තුළ නාඩු, සුදු සහ රතු කැකුළු ඇතුළු සහල් වර්ග කිහිපයක හිඟයක්  නිර්මාණය වී ඇති පසුබිමක ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබුණි.

ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාව සිදුකළ අතර එහිදී නිලධාරීන් සහ වී මෝල් සේවකයින් අතර මෙවැනි සංවාදයක් ඇති වුණි.