අවසන් සටනේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අවසන් සටනේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

October 27, 2024   06:43 pm

ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවැත්වෙන ශ්‍රී ලංකා 'A' -  ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම් අතර අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක නුවනිඳු ප්‍රනාන්දු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගය ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

ආසියානු අවුරුදු 23න් පහළ තරගාවලියක් ලෙසින් 2013 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 6වැනි වරටය.

ඉන් මීට පෙර අවස්ථා දෙකකදී (2017, 2018) ශ්‍රී ලංකාව අවසන් මහ තරගය ක්‍රීඩාකර තිබේ.

ඒ සෑම අවස්ථාවකම ඔවුන් ශූරතාව ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.

කෙසේ නමුත් ඇෆ්ගනිස්තානය කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු හා එකම අවස්ථාව මෙය වෙයි.