හොඳ අයවැයක් ගෙනඒමට IMF සමග සාකච්ඡා - ජනපති

හොඳ අයවැයක් ගෙනඒමට IMF සමග සාකච්ඡා - ජනපති

October 26, 2024   08:12 pm

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද (26) පස්වරුවේ රත්නපුරයේ පැවති ජන රැලියක් අමතමිනි.

"අපේ අර්ථික උපදේශකවරයෙක් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් තිබෙනවා.... වඩාත් යහපත් අයවැය ලේඛනයක් සකස් කරගැනීම සඳහා. අපේ යෝජනා පිළිබඳව. අපිට කිව්වේ මොකක්ද?... දාලා යයි, ගෑස් පුපුරයි, තෙල් පෝලිම් එයි කියලා. අපි ඒ කිසිවක් සිදුවෙන්න ඉඩනොදී රට යථා තත්ත්වයට පත්කරලා තියෙනවා."