ගංවතුරට හසුවූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරයි ද?

ගංවතුරට හසුවූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරයි ද?

October 18, 2024   08:02 am

ගංවතුරට හසු වු ආහාර පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ පසුගිය සමයේ එවැනි සිදුවිම් වාර්තා වු බවය.

මේ අතර, පාරිභෝගිකයින්ට ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියකට තබා නොගතහොත් නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා සදහන් කළේය.

"කුඩා මට්ටමින් ආහාර සැකසුම් කරන ආයතනවල අපි දකිනවා මේ සම්බන්ධයෙන් තියෙන උනන්දුව මදි කියලා. හොඳම දේ තමයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් අවශ්‍ය උපදෙස්  ලබා ගෙන කටයුතු කිරීම. ඒ ආහාර සැකසුම් ආයතන හරියට පවත්වාගෙන ගියේ නැත්නම් එය ආහාර පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්."