ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය ඇරඹේ
සයුරෙන් එතෙර

ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය ඇරඹේ

October 17, 2024   09:10 am

ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය ඊයේ (16) චීනයේ බෙයිජිං නුවරදී ආරම්භ විය. 

නුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, එය පැවැත්වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහය එක්ව එය සංවිධාන කර තිබේ. 

"සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමග, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම" එහි තේමාව ය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Liu Jianchao මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා, වීඩියෝ ඔස්සේ එහිදී දේශන සිදු කළහ.

ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීහූ, රජයේ නියෝජිතයෝ, විද්වත්හූ සහ මාධ්‍ය නියෝජිතයෝ, මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක් වූහ.

Shen Haixiong මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේ, චීන මාධ්‍ය සමූහය චීනය සහ "ගෝලීය දකුණේ" රටවල් අතර හුවමාරු, සංවාද, අන්‍යෝන්‍ය ඉගෙනීම සඳහා පාලමක් ගොඩනඟනු ඇති බවයි. 

එ‍සේම අන්‍යෝන්‍ය යහපත හා සහයෝගීතාව, සාධාරණත්වය සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ "ගෝලීය දකුණ" විද්වත් හඬ වෙනුවෙන්, චීන මාධ්‍ය සමූහය සන්නිවේදන වේදිකාවක් සපයනු ඇතැයි ද, Shen Haixiong මහතා සඳහන් කළේය.