දියේ ගිලී 14 හැවිරිදි දරුවෙක් මරුට

දියේ ගිලී 14 හැවිරිදි දරුවෙක් මරුට

October 17, 2024   09:52 am

කොටදෙණියාව හල්ඔලුව කන්ද ප්‍රදේශයේ ජලය පිරුණු වළක දියනෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලි මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14 ක් වූ වරාදල, කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මෙම දරුවා ඊයේ (16) සවස ඔහුගේ තවත් යහළුවන් 05 දෙනෙකු සමග මෙම දියවළේ දියනෑමට ගොස් තිබේ.

එම අවස්ථාවේ මෙම දරුවා දියේ ගිලී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි. 

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.